/
/
title icon
දෝෂාභියෝගයකින් දකුණු කොරියානු ජනපති ධුරයෙන් නෙරපයි
දෝෂාභියෝගයකින් දකුණු කොරියානු ජනපති ධුරයෙන් නෙරපයි
Editor
2 months ago
Share:
දෝෂාභියෝගයකින් දකුණු කොරියානු ජනපති ධුරයෙන් නෙරපයි

දකුණු කොරියානු විපක්ෂය විසින් එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෙවන වරට ගෙන ආ දෝෂාභියෝගය සම්මත වී තිබෙනවා. ‍

ඒ, සමගම ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපා හැරෙන අතර, එරට අගමැතිවරයා වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරනු ඇති. 


ජනාධිපතිවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම අද පෙරවරුවේ පවත්වනු ලැබුවා. 


දකුණු කොරියානු විපක්ෂය එරට ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වැනිදා රාත්‍රියේ හදිසියේ හමුදා නීතිය පැනවීමේ සිදුවීම මුල් කරගනිමින්. 


කෙසේ වෙතත්, ඔහුට එරෙහිව පළමුව ගෙනආ දෝෂාභියෝගයේදී ජනාධිපති නියෝජනය කරන පාලක පීපල්ස් පවර් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කිරීමෙන් දෝෂාභියෝගය එරට පාර්ලිමේන්තුව හමුවේ පරාජයට පත්වුණා.


ජනාධිපතිවරයාට එරෙහිව දෙවන වරටත් දෝෂාභියෝගයක් ගෙන ඒමට විපක්ෂය ඊයේ පියවර ගත්තේ ඒ අනුවයි. 


එහිදී දකුණු කොරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සිය ඡන්දය භාවිත කළ අතර මන්ත්‍රීවරුන් 204ක් දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. 


දෝෂාභියෝගයට විපක්ෂව හිමිව ඇත්තේ ඡන්ද 85ක් පමණයි. 


ඒ අනුව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහි දෝෂාභියෝගය අද එරට පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required