
කථානායක ධුරයෙන් අසෝක රංවල මහතා ඉල්ලා අස්වීමත් සමග ඒ සඳහා මීළඟට පත්කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ඒ අනුව කථානායක ධුරයට, නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුනාරච්චි යන මන්ත්‍රීවරුන්ගේ නම් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, ජාතික ජන බලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරි දින කිහිපයේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති.
කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ නම මීට පෙරද යෝජනා වී තිබුණා.