මොකක් ද මේ Journal කියන්නේ ?
Journal කියන්නේ ඔයාට වුණ සිදුවීම්, ඔයාගෙ අදහස් හා හැගීම් වගේ ම ඔයාගේ අතීත මතකයන් වගේ හැම දෙයක් ගබඩා කරලා තියෙන වාර්ථාවක්. සමහර වෙලාවට journal එකේ ඔයාගෙ අනාගත සැලසුම් වුණත් ලියන්න පුලුවන්. ගොඩක් අය තමන්ව හරියට අදුනන්නේ නැහැ. Journal එකෙන් දැන ගන්න පුලුවන් ඔයා ඇත්තට ම කවුද කියලා.
අපි දැන් බලමු මේ Journal භාවිතා කරන්න පුලුවන් ක්‍රම ගැන.
ඇත්තට ම හිතේ තියෙන සේරම දෙවල් ලියන එක නිදහසක්. දුකින් ඉන්න වෙලාවට කොළයක් ඇරන් දුක හිතෙන දේවල් සේර ම ලියලා කුරුටු බලි ඇදලා විසික් කරලා දාන්න. ඒක ඔයාගේ Stress එක අඩු කරගන්න ලොකු උදවුවක්.
ඒ විදිහට Journal එකක් ලියන එක හරි ම ලස්සන වැඩක්. ඔයාගේ අරමුණූ හීන ඔයාගේ යටි හිතේ තැන්පත් වේවි. ඔයාට මේ ලෝකෙ සතුටු වෙන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා කියලා හිතෙන්න පටන් ගනීවි.
ටික කාලයක් යද්දි Journal එක ඔයාගෙ හොදම යාලුව බවට පත් වෙල තියේවි.
උත්සහ කරලා බලන්න.
ඔයාට ම කියලා Journal එකක් තියාගන්න. ඒකෙ ඔයා කොහොම කෙනෙක් ද කියලා ඇත්ත ම ලියන්න. Journal එකක් ලියන්නේ ඔයට කියවන්න මිසක් අනිත් අයට කියවන්න නෙවෙයි.
ඔයාට තියෙන විශේෂ දවස් ලියාගන්න. ඔයාගේ අද දවස ගෙවුන හැටි ලියන්න. දවසේ කරන්න තියෙන දේවල් list එකක් ලියාගන්න. හැමදා ම රෑට නිදගන්න කලින් අද දවසට ස්තූතිවන්ත වෙලා පොඩි සටහනක් ලියන්න. මේ වෙනුවෙන් ඔයා පොතක් තියාගන්න. ඩයරි එකක් වුණත් කමක් නැහැ. ඒ ඔයාට නිතර බලන්න ආස හිතෙන විදිහට ලස්සනට හදාගන්න.
හැමවෙලේක ම Journal එකේ සතුටු හිතෙන දේවල් ගැන විතරක් ලියන්න. ඔයා කැමති හැම දෙයක් ගැන ම ලස්සනට ඒකෙ ලියන්න.
ඔයා ඔයාගේ හොදම යාලුවෙක් වෙලා ඒ විදිහට ඔයාව පිටු අස්සේ ලස්සනට ලියවිලා තියේවි.
ඔමායා හතුරුසිංහ