/
/
title icon
දෙසැම්බර් 26ට පෙර බදු ගෙවන්න - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
දෙසැම්බර් 26ට පෙර බදු ගෙවන්න - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
Presila Sandaruwani
4 months ago
Share:
දෙසැම්බර් 26ට පෙර බදු ගෙවන්න - දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

2024 වසරේ නොවැම්බර් මාසයට අදාළ එකතු කළ අගයම මත බද්ද සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීම සම්බන්ධව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ 2023/2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වාර්තා මත ගෙවිය යුතු බද්ද තවදුරටත් ගෙවීමට අතපසු වී ඇත්නම් එය දෙසැම්බර් මස 26 වන දිනට පෙර ගෙවීමට කටයුතු කරන ලෙසයි.

එමෙන් ම ඕනෑ ම බදු වර්ගයකට අදාළව ගෙවිය යුතු ස්ව-තක්සේරු මත බදු, හිඟ බදු හෝ එකඟ වූ අතිරේක තක්සේරු මත බදු මුදල් දෙසැම්බර් 26 වැනි දිනට පෙර ගෙවීමට අපොහොසත් වන්නේ නම් ඒ සඳහා දඩ සහනයක් ලබා ගත නොහැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසනවා.

දැනටමත් නොගෙ වූ ස්ව-තක්සේරු බදු හා හිඟ බදු අය කරගැනීම සඳහා ක්ෂේත්‍ර සමීක්ෂණ කටයුතු හා දේශීය ආදායම් අණ පනත් අනුව නීති කටයුතු කිරීම ආරම්භ කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required