/
/
title icon
තෙදින නිල සංචාරයකට ජනපති අනුර ඉන්දියාවට
තෙදින නිල සංචාරයකට ජනපති අනුර ඉන්දියාවට
Presila Sandaruwani
2 months ago
Share:
තෙදින නිල සංචාරයකට ජනපති අනුර ඉන්දියාවට

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  අද දින පස්වරු 5.30 පමණ ඉන්දියාවට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

ඉන්දීය තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දීය ප්‍රොටකොල් ප්‍රධානී අන්ෂුමන් ගෞර් මහත්වරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් විසින් නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගෙන තිබුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහත්වරු සමග අද රාත්‍රියේ සාකච්ඡා කිරීමට ද නියමිතව තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක  අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන  මහත්වරු ද මෙම සංචාරය සඳහා එක්ව සිටිනවා.
 

1ef29f8135fc8b5f23b88a8a67a32d7b.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required