
පෞද්ගලික අංශය විසින් මේ දක්වා මෙරටට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4,800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ පසුගිය 9 වැනිදා සිට ඊයේ දක්වා වූ කාලය තුළ එම සහල් තොගය ආනයනය කර ඇති බවයි.
ඊට නාඩු සහල් මෙට්‍රික් ටොන් 3,000ක් සහ සුදු කැකුළු මෙට්‍රික් ටොන් 1,800ක් ඇතුළත් වන බව ඔහු සඳහන් කළා.
මේ අතර, රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කරන ලද මෙට්‍රික් 52,000ක සහල් තොගයේ පළමු ඇණවුම ලෙස සහල් මෙට්‍රික් ටොන් 5,200ක් ලබන 19 වනදා මෙරටට ලැබීමට නියමිතයි.
දිවයින පුරා පිහිටි සතොස හා සමූපකාර අලෙවිසැල් ජාලය හරහා එම සහල් ජනතාවට අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.