
ඉදිරියේදී භාණ්ඩ වර්ග ගණනාවකට උපරිම සිල්ලර මිලක් පැනවීමට තීරණය කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අනුරාධපුරයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වෙළෙඳපොළ තුළ මිල තීරණය කිරීමේදී ගැටලුවක් ඇති බවයි.
ඒ අනුව වෙළෙඳපොළ තුළදී පාරිභෝගිකයාට බරපතළ බරක් දැරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
එබැවින් මේ වනවිට පාරිභෝගික අධිකාරිය හරහා පවතින පාරිභෝගික කවුන්සිලය උපරිම සිල්ලර මිල තීරණ කිරීම සඳහා භාණ්ඩ ගණනාවක මිල තීරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.