
පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඒ සඳහා වූ නාමයෝජනා නැවත කැඳවීමට අදාළ පනත මේ වනවිට සකස් කර ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර, පළාත් සභා මැතිවරණය ගැටලු ගණනාවක් නිසා හිරවී ඇති බවත්, ඒ නිසාවෙන් එය ලබන වසර ඇතුළත පැවැත්වීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.