/
/
title icon
සහල් ආනයන අවසරය ජනවාරි 10 දක්වා දිගු කෙරේ
සහල් ආනයන අවසරය ජනවාරි 10 දක්වා දිගු කෙරේ
Editor
2 months ago
Share:
සහල් ආනයන අවසරය ජනවාරි 10 දක්වා දිගු කෙරේ

සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන සඳුදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ඇති.

රජය විසින් සහල් ආනයනයට ලබාදී තිබූ කාලය අද මැදියම් රැයෙන් අවසන්වීමට නියමිතව තිබුණා.

රජය විසින් පසුගිය 4 වැනිදා සිට සහල් ආනයනයට අවසර ලබාදිමෙන් පසු ඊයේ පස්වරුව වනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට සහල් මෙට්‍රික් ටොන් 35,600ක් ආනයනය කර තිබූ අතර, එම සහල් තොගයෙන් මෙට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයන් නාඩු සහල්. 

මේ අතර, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ඇණවුම් කරන ලද සහල් මෙට්‍රික් ටොන් 52,000ක තොගයක් වරායට පැමිණීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required