/
/
title icon
ගාල්ලේ ලොක්කා වෙඩි තබා ඝාතනය කෙරේ
ගාල්ලේ ලොක්කා වෙඩි තබා ඝාතනය කෙරේ
Editor
2 months ago
Share:
ගාල්ලේ ලොක්කා වෙඩි තබා ඝාතනය කෙරේ

මනුෂ්‍ය ඝාතන 5කට අදාළ සැකකරුවකු වන පැතුම් නොහොත් 'ලොක්කා' ඊයේ රාත්‍රියේ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 

ගාල්ල - දඩල්ල ප්‍රදේශීයේදී ලොක්කා නැමැත්තා කාන්තාවක් සමග යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී ඔහුට වෙඩි තබා ඇති බව සඳහන්. 

ගාල්ල - දඩල්ල කනත්ත ආසන්නයේදී ඊයේ සවස 6.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ තවත් යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින්. 

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ලොක්කා නැමැත්තා ගාල්ල මහ රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිට ඇති අතර, ඔහු සමග යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවටද වෙඩිවැදී තුවාල සිදුව තිබුණා. 

පොලීසිය සැක පළ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමේදී ඇති වූ ගැටුමක් මුල්කර ගිනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required