/
/
title icon
සහල් ආනයනයේදී බදු වශයෙන් කෝටි 430ක් රේගුවට
සහල් ආනයනයේදී බදු වශයෙන් කෝටි 430ක් රේගුවට
Editor
2 months ago
Share:
සහල් ආනයනයේදී බදු වශයෙන් කෝටි 430ක් රේගුවට

සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ මධ්‍යම රාත්‍රිය වනවිට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. 

ඒ අනුව එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවයි රේගු  මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ. 

එම සහල් මෙට්‍රික්ටොන් 67000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් වනවා. 

එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවයි අරුක්ගොඩ මහතා කියා සිටියේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required