/
/
title icon
ඇල්බේනියාවට TikTok වාරණයක්
ඇල්බේනියාවට TikTok වාරණයක්
Presila Sandaruwani
2 months ago
Share:
ඇල්බේනියාවට TikTok වාරණයක්

ඇල්බේනියානු රජය විසින් TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට තීරණය කර තිබෙනවා.

විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන ජනවාරි මාසයෙන් ආරම්භ වන බවයි.

ඇල්බේනියාවේ මෙම TikTok තහනම ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාසයේ පාසලක 14 හැවිරිදි සිසුවෙකුට සිදු කළ පිහි ඇනුම් සිද්ධියක් හේතුවෙන් බව වාර්තා වනවා.

අදාළ පිහි අනුම් සිද්ධ්යෙන් 14 හැවිරිදි සිසුවා මියගොස් තිබුණා.

කෙසේ වෙතත් යෝජිත TikTok තහනම පිළිබඳව ඇල්බේනියානු රජයෙන් හදිසි පැහැදිලි කිරීම් අපේක්ෂා කරන බව TikTok ආයතනය පැවසූවා.

TikTok ආයතනය පවසන්නේ ඝාතනය වූ 14 හැවිරිදි පාසල් සිසුවාට හෝ පිහියෙන් ඇන ඇතැයි කියන පුද්ගලයාට TikTok ගිණුම් තිබූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required