/
/
title icon
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉන්දියාව සමග කඩිනමින්
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉන්දියාව සමග කඩිනමින්
Editor
2 months ago
Share:
ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉන්දියාව සමග කඩිනමින්

මෙරට ජනතාවට වඩාත් කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සැපයීම සඳහා ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යපෘතිය කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. 

ඒ අනුව ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ලබන මාසයේදී අත්සන් තබනු ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

ඉන්දියාවේ ක්‍රියාත්මක වන සාර්ථක ජනතා කේන්ද්‍රීය ඩිජිටල්කරණ වැඩසටහන් මෙරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ශ්‍රී ලංකා රජය උනන්දුවක් දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය මෝදි මහතාට දන්වා සිටි බවත්, එහිදී ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාවේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීමට ඉන්දියාව සූදානම් බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දන්වා සිටි බවත් අමාත්‍යවරයා පැවසුවා. 

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මගින් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදුකිරීම ඇතුළුව අනෙකුත් රාජ්‍ය සේවා ලබා ගැනීමේදී ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මෙරට ජනතාවට සහායක් වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required