/
/
title icon
මගී ප්‍රවාහන බස් ඇතුළු වාහන පරීක්ෂා කිරීමට හෙට සිට මෙහෙයුමක්
මගී ප්‍රවාහන බස් ඇතුළු වාහන පරීක්ෂා කිරීමට හෙට සිට මෙහෙයුමක්
Editor
2 months ago
Share:
මගී ප්‍රවාහන බස් ඇතුළු වාහන පරීක්ෂා කිරීමට හෙට සිට මෙහෙයුමක්

හෙට දිනයේ සිට මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහන පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත විශේෂ රථවාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. 

පසුගිය දිනවල මගී ප්‍රවාහන බස් රථ ඇතුළු අනෙකුත් වාහනවලින් සිදු වූ රිය අනතුරු සැලකිල්ලට ගනිමින් දිගින් දිගටම එවැනි අනතුරු සිදුවීම අවම කර ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මෙම රථවාහන මෙහෙයුම සිදු කිරීමට නියමිතයි. 

ඒ අනුව හෙට දින සිට උත්සව සමය අවසන් වන තුරු දිවයින පුරා දීපව්‍යාප්ත රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක කෙරෙනු ඇති. 

මෙහිදී ප්‍රධාන වශයෙන් පොදු මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කිරීම සිදුකෙරෙන අතර, එම බස් රථවල රියදුරන්, මත්පැන් පානය කර හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය සිදු කරන්නේද යන්න විශේෂයෙන් සොයා බැලීම සිදුකෙරෙනවා. 

එමෙන්ම, බස් රථ අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය, මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය, ධාවනයට නුසුදුසු තත්ත්වයේ ටයර් හෝ වෙනත් දෝෂ සහිතව ධාවනය කිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂා කර බලා එම රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇති. 

එමෙන්ම, මීට සමගාමීව අනෙකුත් රථවාහන සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීම් සිදු කෙරෙන අතර ඒ සඳහා දිවයින පුරා පැය 24 ම ආවරණය වන පරිදි රථවාහන නිලධාරින් රාජකාරියේ යොදවා තිබෙනවා. 

මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වන කාලසීමාව තුල අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් ලෙස හෝ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනයේ යෙදෙන බස් රථ ඇතුළු රථ වාහන සම්බන්ධයෙන් 119 හා 1997 යන කෙටි දුරකථන අංකවලට තොරතුරු ලබා දීමට මහජනතාවට හැකියාව පවතිනවා. 

  • අධ්‍යක්ෂ කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය - 071 8591741
  • අධ්‍යක්ෂ රථවාහන මූලස්ථානය - 071 8591967
  • අධ්‍යක්ෂ බස්නාහිර පළාත උතුර රථවාහන කොට්ඨාසය - 071 8592857
  • අධ්‍යක්ෂ බස්නාහිර පළාත දකුණ රථවාහන කොට්ඨාසය - 071 8592278
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required