/
/
title icon
සහල්වලට ගැසූ බද්ද අඩුකරන්නැයි රජයට ඉල්ලීමක්
සහල්වලට ගැසූ බද්ද අඩුකරන්නැයි රජයට ඉල්ලීමක්
Editor
2 months ago
Share:
සහල්වලට ගැසූ බද්ද අඩුකරන්නැයි රජයට ඉල්ලීමක්

සහල් ආනයනය කිරීමේදී කිලෝග්‍රෑම් එකකට රේගුව විසින් අයකරනු ලබන රුපියල් 65ක බදු මුදල යම් ප්‍රමාණයකින් අඩුකර දෙන ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙළෙඳුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

එසේම, ඇතැම් පාරිභෝගික සංවිධානද පෙන්වා දෙන්නේ, ආනයනික සහල් සඳහා වන බදු අඩු කළහොත් පාලන මිලට සහල් වෙළෙඳපොළේ පවතිනු ඇති බවයි.

මාස දෙකක පමණ සිට පවතින සහල් අර්බුදයට පිළියම් ලෙස උපරිම තොග හා සිල්ලර මිල පැනවීම, පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් සහල් මෝල් වැටලීම මෙන්ම විදේශ රටවලින් සහල් ආනයනය කිරීමටත් රජය පසුගිය සමයේ විවිධ පියවර අනුගමනය කළා.

සහල් ආනයනයට අවසර හිමිවූ දෙසැම්බර් 20 වැනිදා දක්වා සහල් මෙට්‍රික්ටොන් 67,000ක් ආනයනය කර තිබූ බව ශ්‍රී ලංකා රේගුව කියා සිටියා.

ඉන් මෙට්‍රික්ටොන් 38,500ක් නාඩු සහල් වන අතර සෙසු මෙට්‍රික්ටොන් 28,500ක් කැකුළු සහල්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required