/
/
title icon
ගැසට් පත්‍රය මත තීරණය වන සහල් ආනයනය
ගැසට් පත්‍රය මත තීරණය වන සහල් ආනයනය
Presila Sandaruwani
2 months ago
Share:
ගැසට් පත්‍රය මත තීරණය වන සහල් ආනයනය

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

පෞද්ගලික අංශය සඳහා සහල් ගෙන්වීමට ලබා දී තිබු කාලය පසුගිය 20 වැනිදායින් අවසන් වු අතර ඒ වන විට මෙරටට සහල් මෙට්‍රික් ටොන් 67,000ක ප්‍රමාණයක් ආනයනය කර තිබුණා.

කෙසේ වෙතත් රජය පසුගියදා සඳහන් කළේ සහල් ආනයනය සඳහා ලබා දුන් කාලය ලබන වසරේ ජනවාරි මස 10 වනදා දක්වා දීර්ඝ කරන බවයි.

එහෙත් මේ දක්වාත් ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර නොමැති බැවින් යම්හෙයකින් රජය හෝ රජයේ මැදිහත්වීම මත සහල් ආනයනය කළ ද ඒවා මෙරට වෙළඳපොළ වෙත නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව සදහන් කළා.

මේ අතර රජය විසින් ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 52,000ක තොගයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

කෙසේවෙතත් රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ අද දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සහල් ආනයනය කිරීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ඇති බවයි.

මේ අතර සහල් තොග නිසිපරිදි නොලැබීම හේතුවෙන් වසා දමා තිබු මරදගහමුල විශේෂිත තොග වෙළද මධ්‍යස්ථානයේ සහල් වෙලඳසැල් අද දිනයේ සිට යළි ආරම්භ කරන බව එම ව්‍යාපාරිකයින් පවසනවා.

පෞද්ගලික අංශයේ මැදිහත්වීම මත සහල් තොග මෙරටට ආනයනය කිරීමත් සමග මෙලෙස වෙළඳසැල් යළි විවෘත කරන බව එම ව්‍යාපාරිකයින් සදහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required