
2024 වසරේ සිට මේ දක්වා අනවසර විදුලි වැටවල් සහ රැහැන් භාවිතය හේතුවෙන් වන අලි මරණ 50ක් පමණ වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ මෙම නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධව දැනටමත් සුදුසු පියවර ගෙන ඇති බවයි.
එමෙන්ම වනඅලි සම්පත රැකගැනීමට ජනතා සහාය අපේක්ෂා කරන බැවින් විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම පිළිබඳව දැනුම් දෙන ලෙසත් එම මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව 0112118767 දුරකථන අංකය ඔස්සේ හෝ හදිසි ඇමතුම් අංක 1987 යන දුරකථන අංක ඔස්සේ වහාම මේ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කරන මෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.