/
/
title icon
සහල් ආනයන කාලය තවත් දීර්ඝ කරයිද?
සහල් ආනයන කාලය තවත් දීර්ඝ කරයිද?
Presila Sandaruwani
2 months ago
Share:
සහල් ආනයන කාලය තවත් දීර්ඝ කරයිද?

සහල් හිඟය තවමත් පැවතීම හේතුවෙන් එළැඹෙන ජනවාරි මස 10 වැනිදා දක්වා සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට වෙළෙඳ අමාත්‍යවරයා එකඟ වූ බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අද පැවති සාකච්ඡාවකින් පසු ආනයනකරුවන් පැවසුවේ, ඊට අදාළ යෝජනාව අමාත්‍යවරයා අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.

වෙළෙඳපොළේ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය දෙසැම්බර් 20 වැනිදායින් අවසන් වූ අතර මේ දක්වා මෙරටට ගෙන්වා තිබූ සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 67,000කි.

කෙසේවෙතත්, රජයේ පාර්ශ්වයෙන් ආනයනය කෙරෙන මෙට්‍රික්ටොන් 70,000ක සහල් තොගයේ පළමු තොගය වන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඇණවුම් කළ මෙට්‍රික්ටොන් 5,200ක තොගය කොළඹ වරායට ළඟාවීමට නියමිතව ඇත්තේ හෙට දිනයේදී ය.

එමෙන්ම රජය ඇණවුම් කර ඇති සෙසු තොග ගෙන්වීමේ කටයුතු අවසන් කිරීම ලබන සතිය තුළ සිදු කෙරෙන බව ද රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අද දෙරණ කළ විමසීමේ දී සඳහන් කළා.

පෞද්ගලික අංශය ද තවත් සහල් තොග ආනයනය කිරීමේ අරමුණින් ආනයනකරුවන්ගේ සංගමය ලෙස වෙළෙඳ අමාත්‍යවරයාට ඊයේ ලිපියක් භාර දී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required