
ලබන වසරේ අනිවාර්යයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.
කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයට ජනතාව මුහුණදෙන දුෂ්කරතාවය පිළිබඳ වැටහීමක් ඇති බවයි.
එබැවින් අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව ඔහු සඳහන් කළා.
ඒ පිළිබඳ තොරතුරු ඉදිරි අයවැයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් බවද නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා කියා සිටියා.