/
/
title icon
ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි
ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි
Editor
2 months ago
Share:
ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියා සූරියසේන දිවි සැරියට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඒ මහතා 80 වැනි වියේ පසුවුණා.

1944 ඔක්තෝබර් 27 වන දින ජේමිස් අප්පුහාමිට හා ඒ.එම්.පොඩි මැණිකේට දාව උපන් ප්‍රියදර්ශ සූරියසේන ලියනගේ  හතර දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පුත්‍රයායි.

මාදම්පේ සේනානායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු රජයේ 'හේවුඩ්' සංගීත විද්‍යාලයෙන් සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබා තිබෙනවා.

පසු කලෙක ගුරු වෘත්තියට පිවිසි ඒ මහතා අවුරුදු 12ක ගුරු ජීවිතයට සමුදී 1985 වසරේදී සංගීතවේදියෙකු ලෙසින් කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ එදා මෙදා තුර ගැයූ ගීත අතුරින් "සරතැස නිවා" ගීතය ඔහුගේ මුල්ම ගීතය වනවා.

එමෙන්ම ඔහු "කැන්දන් යන්නම් රන්මල් මාලා දාලා.." "අඳුර අඳුර මගේ.." කිරි සයුරේ රැළි, සුදු පරවි රෑන සේ, රටකින් එහා ආදි වශයෙන් ඉමහත් ජනප්‍රිය ගීත රාශියක් ගායනා කර තිබෙනවා.

එසේම ඔහු විසින් ගායනා කරන ලද ආදරණීය නේරංජනා, සුදු පරෙවි රෑන සේ, මගේ ළැමද සුව යහනක්, ඈත රන් විමන් දොරින්, ඇසුරින් මිදිලා ආදී ගීත මෙරට රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required