/
/
title icon
පැය 24කදී බීමතින් රිය පැදවූ 251ක් අත්අඩංගුවට
පැය 24කදී බීමතින් රිය පැදවූ 251ක් අත්අඩංගුවට
Editor
2 months ago
Share:
පැය 24කදී බීමතින් රිය පැදවූ 251ක් අත්අඩංගුවට

උත්සව සමයේ පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ 251 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම යටතේ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව සමස්ත රියදුරන් 8,747කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

උත්සව සමයේ රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් යුතුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඉකුත් 23 වනදා සිට මෙම විශේෂ රථවාහන මෙහෙයුම ක්‍රියාත්මකයි. 

මේ අතර, පසුගිය පැය 24 තුළ දිවයිනේ කිසිදු මාරක රිය අනතුරක් සිදුව නොමැති බවද පොලීසිය පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required