
කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බෝම්බුවල යන ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, හෙට (26) දින පෙරවරු 09 සිට අනිද්දා (27) අලුයම 03 දක්වා අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදුවී ඇති බිඳවැටීමක් හේතුවෙන් සිදුකළ යුතු හදිසි අලුත්වැඩියාවක් සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා.