
මෙම වසරේ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව විසි ලක්ෂයක් බවට අද පත්වුණා.
ඒ අනුව විසි ලක්ෂ වෙනි සංචාරකයා උදෑසන 10.49ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළිින් දිවයිනට පැමිණියා.
ඒ, බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන්.
විසි ලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපොළට පැමිණ සිටියා.