
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවීමට ඇති හිඟ මුදල් හෙට සිට අදාළ බැංකු ගිණුම් මගින් ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ පවුල් 212,423ක් සඳහා මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් මෙලෙස බැංකු ගත කිරීමට පියවර ගෙන ඇති බව එහි සභාපති ජයන්ත විජේරත්න මහතා කියා සිටියා.
ඒ අනුව රුපියල් 1,314,007,750.00කට අධික මුදලක් අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා ගිණුම්ගත කිරීමට සුබසාධක ප්‍රතිලභ මණ්ඩලය විසින් පියවර ගෙන තිබෙනවා.