/
/
title icon
අර්බුදයට පිළියම් ලෙස සහල් මෙට්‍රික්ටොන් 72,000ක් ආනයනය කෙරේ
අර්බුදයට පිළියම් ලෙස සහල් මෙට්‍රික්ටොන් 72,000ක් ආනයනය කෙරේ
Editor
2 months ago
Share:
අර්බුදයට පිළියම් ලෙස සහල් මෙට්‍රික්ටොන් 72,000ක් ආනයනය කෙරේ

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමෙන් පසුව අද වනවිට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්  සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. 

එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72,000 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 32,000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන්  40,000ක් ඇතුළත්. 

තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් කඩිනමින් මුදාහැරීමට කටයුතු කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව මේ මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කරනු ලැබුවා. 
 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required