
කතරගම නගරයේ වන්දනා බැතිමතුන්ට හිරිහැර පීඩා ගෙන දෙන ආකාරයෙන් හැසිරුණු පුද්ගලයින් විසිදෙදෙනෙකු කතරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.
නගරයේ බීමත්ව අසභ්‍ය වචන කියමින් වන්දනා බැතිමතුන්ට හිරිහැර වන අයුරින් ගැවසිම, වන්දනා බැතිමතුන්ට අසභ්‍ය වචනයෙන් බැන තර්ජනය කිරීම, පූජාවට්ටි බලහත්කාරයෙන් විකිණීම, පූජා වට්ටි නොගන්නේ නම් බැතිමතුන්ගේ වාහන නතර කිරීමට ඉඩ නොදීම, මාර්ගය මැදට පැන රථ වාහන බලහත්කාරයෙන් නතර කොට පූජාවට්ටි ගැනීමට බලකිරීම, ගංජා සුරුට්ටු සන්තකයේ තබාගෙන සිටීම ඇතුළු චෝදනා මෙම පිරිසට ගොනුකර තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරන බව පොලීසිය කියා සිටියා.