/
/
title icon
විදුලි ගාස්තු සංශෝධනය ගැන උපයෝගීතා කොමිසම අදහස් ලබාගැනීම අරඹයි
විදුලි ගාස්තු සංශෝධනය ගැන උපයෝගීතා කොමිසම අදහස් ලබාගැනීම අරඹයි
Editor
2 months ago
Share:
විදුලි ගාස්තු සංශෝධනය ගැන උපයෝගීතා කොමිසම අදහස් ලබාගැනීම අරඹයි

විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජනතාවගෙන් වාචිකව අදහස් ලබාගැනීම අද ආරම්භ කෙරුණා. 

පළමු සැසිය මධ්‍යම පළාතෙන් අද ආරම්භ කළ අතර, එය මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කිරීමට කටයුතු යොදා තිබුණා. 

නව වසරේ මුල් මාස 06ක කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වාගෙන යායුතු බවට පසුගියදා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රතියෝජනා ඉදිරිපත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කර තිබුණේ 10%ත් 20%ත් අතර ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමේ හැකියාව පවතින බවයි.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලිඛිත අදහස් ලබාගැනීම පසුගිය 17 වැනිදා සිට සිදුකෙරුණු අතර අද දිනයේ සිට පළාත් නවයම ආවරණය වන පරිදි ජනවාරි මස 10 වැනිදා දක්වා වාචික අදහස් ලබාගැනීමට කටයුතු යොදා තිබෙනවා. 

ඒ අනුව ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ 0772 943 193 දුරකථන අංකය අමතා ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා. 

වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව සිය අවසන් වාර්තාව ජනවාරි මස 17  වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required