
ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ටූනා ග්‍රෑම් 425 ටින්මාළු එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක්.
මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් වන අතර ග්‍රෑම් 425ක උපරිම සිල්ලර මිල රුපියල් 420ක් ලෙස සටහන් කර තිබෙනවා.
තවද ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක ටින්මාළු එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ද වනු ඇති.
පාරිභෝගික අධිකාරිය පැවසුවේ අදාළ මිල ගණන් 28 වැනිදා සිට බලපැවැත්වෙනු ඇති බවයි.