/
/
title icon
දුර දුවන බස් ගැන හොයන්න විශේෂ රථවාහන මෙහෙයුමක්
දුර දුවන බස් ගැන හොයන්න විශේෂ රථවාහන මෙහෙයුමක්
Editor
2 months ago
Share:
දුර දුවන බස් ගැන හොයන්න විශේෂ රථවාහන මෙහෙයුමක්

දිවයිනේ රිය අනතුරු අවම කර ගැනීම සඳහා උත්සව සමය මූලික කරගනිමින් විශේෂ රථවාහන මෙහෙයුමක් පොලීසිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා.

මෙම මෙහෙයුම මගින් දුර ගමන් සේවා බස් රථ රියදුරන් මාර්ග නීති උල්ලංඝනය කරමින් අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇති බව සඳහන්.

එහිදී මගී බස් රථ පරික්ෂාව සඳහා සිවිල් ඇඳුමින් නිලධාරීන් රාජකාරි යොදවා දුර ගමන් සේවා බස් රථවල සැලකිය යුතු දුර ප්‍රමාණයක් ගමන් කරන බවද පොලීසිය පවසනවා.

එහිදී අපරික්ෂාකාරී රිය ධාවනය, ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය, පදික මාරු මතින් වාහන ඉස්සර කිරීම සහ අධික වේගය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධව නිරීක්ෂණය කිරීමට කටයුතු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required