/
/
title icon
සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ශ්‍රී ලංකාවට
සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ශ්‍රී ලංකාවට
Presila Sandaruwani
1 month ago
Share:
සහල් මෙට්‍රික්ටොන් 75,000ක් ශ්‍රී ලංකාවට

අද පෙරවරුව වනවිට සහල් මෙට්‍රික්ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය අවසන් කර ඇති බව ශ්‍රී ලංකා රේගුවේ නවතම තොරතුරු පෙන්වා දෙයි.

ඉන් මෙට්‍රික්ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර, මෙට්‍රික්ටොන් 43,000ක් නාඩු සහල් බව වාර්තා වෙයි.

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය එළැඹෙන ජනවාරි මස 10 දින දක්වා දීර්ඝ කිරීමට රජය පසුගිය දා පියවර ගත්තා.

ඒ අනුව සහල් නිෂ්කාශනය කිරීමේ කටයුතු රේගුව විසින් පසුගිය 26 දා සිට නැවත ආරම්භ කරනු ලැබූවා.

එහි දී පසුගිය 27 වනදා උදෑසන වන විට සහල් මෙට්‍රික් ටොන් 72,000ක් ආනයනය කර රේගුව හරහා නිෂ්කාශනය කර තිබුණා.

රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා තවදුරටත් පැවසුවේ ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ෂකවරුන් හා ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required