/
/
title icon
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සේවයෙන් නික්මයයි
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සේවයෙන් නික්මයයි
Presila Sandaruwani
1 month ago
Share:
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක 4ක සේවයෙන් නික්මයයි

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙනවා.

දශක 4ක කාලයක් පුරා මෙරට ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී දාකයත්වයක් ලබාදුන් හමුදා ප්‍රධානියෙකු වන ශවේන්ද්‍ර සිල්වා 2020 වසරේ ජනවාරි 1 වනදා සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළා.

ඔහු දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ 19 වැනි නිලධාරි ශිෂ්‍යභට බඳවාගැනීම් පාඨමාලාව වෙනුවෙන් 1984 මාර්තු 5වනදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණා.

ශවේන්ද්‍ර සිල්වා මහතා කා අතරත් ජනාදරයට පත් රණවිරුවෙක් වූයේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී.

එම මානුෂීය මෙහෙයුමේ දී 58 සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසින් ඔහු කටයුතු කළා.

අනතුරුව 2019 වසරේ අගෝස්තු 19 යුද හමුදාපතිවරයා ලෙස තේරී පත් වූ ඔහු 2022 මැයි 31 දක්වා එම ධුරයේ කටයුතු කළා.

ඉන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බවට පත් වූ හෙතෙම ජනාධිපතිවරු සිව් දෙනෙකු යටතේ කටයුතු කර තිබෙනවා.

එනම් හිටපු ජනධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ යටතේ මෙන් ම වත්මන් ජනධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required