/
/
title icon
කොරියාවෙන් රුපියල් බිලියන 2.4ක් වටිනා සංවර්ධන ව්‍යාපෘතියක් සිගිරියට
කොරියාවෙන් රුපියල් බිලියන 2.4ක් වටිනා සංවර්ධන ව්‍යාපෘතියක් සිගිරියට
Presila Sandaruwani
1 month ago
Share:
කොරියාවෙන් රුපියල් බිලියන 2.4ක් වටිනා සංවර්ධන ව්‍යාපෘතියක් සිගිරියට

ලෝක උරුමයක් වන සීගිරියෙහි සංරක්ෂණ කටයුතු පුළුල් කර සංචාරක ආකර්ෂණය වැඩි කිරීම සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබෙනවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිතව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධික්ෂණය මත යෝජිත මෙම ව්‍යාපෘතිය මගින් සීගිරි පර්වතයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම, සීගිරි කෞතුකාගාරය, ආපන ශාලාව සහ ප්‍රවේශපත්‍ර කවුළුව ආදිය සංවර්ධනය කිරීම වැනි කාර්‍යයන් යෝජිත වී තිබෙනවා.

මෙම ව්‍යාපෘතියේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 2.4ක්.

මේ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට ද යෝජනා වී තිබෙනවා.

මීට අදාළ සාකච්ඡාවක් පසුගිය 27 වැනි දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතාගේ ප්‍රධානාත්වයෙන් එම අමාත්‍යංශයේ දී පැවැත්වුණා.

මේ සඳහා කොරියානු අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය නියෝජනය කරමින් එහි දේශීය අධ්‍යක්ෂ යුන්ග්ජින් කිම්, නියෝජ්‍ය දේශීය අධ්‍යක්ෂ යොන්ග් වන් කිම්, අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required