/
/
title icon
පාසල් ලිපි ද්‍රව්‍ය සඳහා ලබාදෙන රු.6000 දීමනාව අස්වැසුම ගිණුමට
පාසල් ලිපි ද්‍රව්‍ය සඳහා ලබාදෙන රු.6000 දීමනාව අස්වැසුම ගිණුමට
Presila Sandaruwani
1 month ago
Share:
පාසල් ලිපි ද්‍රව්‍ය සඳහා ලබාදෙන රු.6000 දීමනාව අස්වැසුම ගිණුමට

පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව
පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත භාණ්ඩාගාරය හරහා නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මේ බව සඳහන් කරනු ලැබුවා.

ආර්ථික අර්බුදයෙන් ඇති වූ අහිතකර ප්‍රතිඵල හේතුවෙන් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි සැළකිය යුතු සෘණාත්මක බලපෑමක් සිදු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ලද "Household Survey on Impact of Economic Crisis – 2023" දත්ත සමීක්ෂණ අනුව අනාවරණය වී ඇතැයි ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ අනුව, පාසල් යන ළමුන්ගෙන් සියයට 55කගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අහිතකර බලපෑම් ඇති වී තිබෙනවා.

මෙම ප්‍රතිශතය ග්‍රාමීය සහ වතු ආශ්‍රිතව වඩාත් ඉහළ අගයක් බව නිරීක්ෂණය වන බව ද අදාළ නිවේදනයේ සඳහන්.

මෙසේ බලපෑමට ලක්වූ ළමුන් අතරින් 53.2%ක් පාසල් ලිපිද්‍රව්‍ය මිල දී ගැනීම අවම කර හෝ මුළුමනින් ම නවත්වා ඇති බව ද, 26.1%ක් පෙර භාවිතා කරන ලද පාසල් ලිපි ද්‍රව්‍ය නැවත භාවිතා කිරීමට යොමු වී ඇති බව ද අනාවරණය වී තිබෙනවා.

එලෙස අවදානමට ලක් වූ, පාසල් ළමුන්ගේ අධ්‍යාපනය කෙරෙහි වන අහිතකර බලපෑම අවම කිරීම අරමුණු කරමින් 2025 වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා පාසල් ළමුන්ට දීමනාවක් ලබා දීමට රජය අදහස් කර තිබෙනවා.

එසේම, අස්වැසුම වැඩසටහනට ඇතුළත් නොවන අනෙකුත් සුදුසු පාසල් ළමුන් සඳහා ද එක් ළමයෙකුට රු. 6,000ක වටිනාකමින් යුත් ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට මෙම දීමනාව ලබා දීම සඳහා 2025 වර්ෂයේ දී අවශ්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කිරීමට අපේක්ෂා කරන අතර එම දීමනා සුදුසු ක්‍රමවේදයක් යටතේ පාසල් ළමුන් වෙත ලබා දීමට කටයුතු කරනු ඇති.

මෙමඟින් පාසල් අධ්‍යාපනය සඳහා දෙමාපියන් විසින් දරනු ලබන වැය බරට සහනයක් ලබා දීම සහ එමඟින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව සිදුකර ගැනීම මඟින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම රජයේ අපේක්ෂාව බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required