/
/
title icon
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන 01වනදා ජනාධිපති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන 01වනදා ජනාධිපති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි
Presila Sandaruwani
3 months ago
Share:
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන 01වනදා ජනාධිපති ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කළා.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකායට ඇතුළත් කර තිබුණා.

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන, නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීම් වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required