
අවුරුදු 12ට අඩු ළමයින් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පැවසුවේ ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමයින් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරන බවයි.