
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අධිකරණ සේවා කොමිසම විසින් ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව තිළිණ ගමගේ මහතාව මොරටුව දිසා අධිකරණය වෙත මාරුවීමක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට අදාළ නඩුව විභාග කිරීම සඳහා වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු පත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා ඊයේ අධිකරණ සේවා කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබුණා.