/
/
title icon
ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දැමේ
ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දැමේ
Editor
1 month ago
Share:
ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දැමේ

දින කිහිපයක සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන දැඩි වැසි හේතුවෙන් දිවයිනේ ප්‍රධාන වැව් බොහොමයක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. 

මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ 73න් 33ක් වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අනුව අම්පාර දිස්ත්‍රික්කයේ 79%ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ 95%ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ 71%ක්, මඩකළපුව, මොණරාගල, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල 82%ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ 91%, ගාල්ල, මහනුවර, කුරුණෑගල, පොළොන්නරුව, පුත්තලම යන දිස්ත්‍රික්ක 98%ක් ලෙස වශයෙන් සටහන්ව තිබෙනවා.  

ඒ අනුව දිවයිනේ සමස්ත ප්‍රධාන ජලාශවල ජල ධාරිතාවය 87.6%ක් බවට පත්ව ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මේ වනවිට දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමමින් පවතින බැවින් එම ජලාශ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාව ආපදා කළමනාකරණ අංශ විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව අවධානයෙන් පසුවිය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required