/
/
title icon
වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති "නන්දලාල්"
වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති "නන්දලාල්"
Editor
1 month ago
Share:
වසරේ ශ්‍රී ලාංකිකයා මහ බැංකු අධිපති "නන්දලාල්"

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන "එල්.එම්.ඩී" සඟරාව 2024 වසර සඳහා " වසරේ ශ්‍රී ලාංකිකයා" ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව නම්කර තිබෙනවා. 

වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව නම් කරමින් "එල්.එම්.ඩී" සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවූ බවයි.

ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්තවාදී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් "එල්.එම්.ඩී" සඟරාව පවසනවා. 

වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම වසරේ දෙසැම්බර් මාසය තෙක් පවතිනු ඇතැයි ඔහු අවංකව අනාවැකි පළකළ බවත් "එල්.එම්.ඩී" සඟරාව ප්‍රකාශ කළා. 

ආචාර්ය වීරසිංහ මහතා ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ආර්ථික අර්බුදය හමුවේ ඉහළ ගිය උද්ධමනය පහළ ගිය බවද "එල්.එම්.ඩී" සඟරාව පෙන්වා දෙනවා. 

"එල්.එම්.ඩී" සඟරාව 1995 වසරේ සිට "වසරේ ශ්‍රී ලාංකිකයා" සම්මානය ලබාදෙන අතර එය මේ වනවිට වසරේ විශිෂ්ඨතම සම්මාන අතරින් එකක් බවට පත්ව තිබෙනවා. 

"වසරේ ශ්‍රී ලාංකිකයා" සම්මානය "එල්.එම්.ඩී" සඟරාව මෙවර ලබාදුන්නේ 30 වැනි වතාවටයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required