/
/
title icon
ජනපති අනුර මැණික් ප්‍රදර්ශනයක
ජනපති අනුර මැණික් ප්‍රදර්ශනයක
Editor
1 month ago
Share:
ජනපති අනුර මැණික් ප්‍රදර්ශනයක

ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025"   මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පෞද්ගලික හෝටලයකදී අද ආරම්භ කෙරුණා.

ජනාධිපතිවරයා එහිදී ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයටද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය ක⁣ළේ.

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමඟ එක්ව සංවිධානය කරනු ලබන FACETS Sri Lanka අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය අද සිට ලබන 06 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka මෙවර පැවැත්වෙන්නේ 31වන වරට වන අතර චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය, යුරෝපය සහ තවත් බොහෝ රටවල නියෝජිතයින් ඊට එක්වී සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required