/
/
title icon
අලියා සහ ටෙලිෆෝනය එක්වන හැඩක්
අලියා සහ ටෙලිෆෝනය එක්වන හැඩක්
Editor
1 month ago
Share:
අලියා සහ ටෙලිෆෝනය එක්වන හැඩක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීම සඳහා වන සාකච්ඡා ලබන සතියේ සිට කඩිනම් කිරීමට දෙපාර්ශ්වයම තීරණය කර තිබෙනවා. 

එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස තලතා අතුකෝරල මහත්මිය වැඩබාර ගැනීමත් සමග මෙම කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ. 

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ශක්තිමත් ජනතා බලවේගයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡා එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ සහ තලතා අතුකෝරල මහත්මියගේ මූලිකත්වයෙන් ඉකුත් මහ මැතිවරණයට පෙර සිටම ආරම්භ කෙරුණු නමුත් එම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකිවූයේ නැහැ. 

කෙසේ වෙතත්, වර්තමානයේ ඇති වී තිබෙන සමාජ ආර්ථික අර්බුද හමුවේ ප්‍රබල දක්‍ෂිණාංශික කඳවුරක එකතුවක් පිළිබඳ නැගෙන යෝජනාවලට පිළියමක් ලෙස එජාප - සජබ එකතුව සම්බන්ධ සාකච්ඡා නව මුහුණුවරකින් ඉදිරියට ගෙනයාමට අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවා. 

එම සාකච්ඡා බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද පූර්ණ නිදහස ලබා දී ඇති බව සඳහන්. 

සජබ - එජාප එකතුවක් වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකියාව පවතින බව සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාද පසුගියදා ප්‍රකාශ කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required