/
/
title icon
සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගීන්ට ආණ්ඩුවෙන් වන්දි
සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගීන්ට ආණ්ඩුවෙන් වන්දි
Editor
4 weeks ago
Share:
සැත්කම්වලින් පසු පෙනීම අහිමි වූ රෝගීන්ට ආණ්ඩුවෙන් වන්දි

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ පෙනීම අහිමි වීමට අදාළව වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේදී අක්ෂි ශල්‍ය කර්මවලට භාජනය වූ රෝගීන් කිහිප දෙනෙකුගේ පෙනීම අහිමි වීම පිළිබඳ වින්දිතයන්ට ගෙවිය යුතු වන්දි ප්‍රමාණය තීරණය කිරීම පිණිස තාක්ෂණික කමිටුවක් පත් කිරීමට පෙබරවාරි 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා. 

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති අතර, එකී කමිටුව විසින් අදාළ කරුණු අධ්‍යයනය කර ගෙවිය යුතු වන්දි මුදල් පිළිබඳව සිය නිර්දේශ ඉදිරිපත් කිරීමට පියවර ගත්තා. 

එකී නිර්දේශ මත පදනම්ව අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක් වී ඇති රෝගීන් 17 දෙනෙකු සඳහා පහත සඳහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

  • රෝගීන් 12 දෙනෙකු සඳහා රුපියල් 1,000,000/- බැගින් වන්දි ගෙවීම.
  • රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 750,000/- බැගින් වන්දි ගෙවීම.
  • එක් රෝගියෙකු සඳහා රුපියල් 700,000/-ක වන්දියක් ගෙවීම.
  • රෝගීන් 02 දෙනෙකු සඳහා රුපියල් 250,000/- බැගින් වන්දි ගෙවීම.
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required