වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
වී නිෂ්පාදනය සඳහා වැයවෙන පිරිවැය පිළිබඳ මේ වනවිට පරීක්ෂා කරමින් පවතින බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් ගොවියාට ඉතා සාධාරණ ලාභයක් ලබාදීමට කටයුතු කරන බවද කියා සිටියා.
ඒ සමගම හාල්වල මිල ඊට ගැලපෙන ලෙස තීරණය කරන බවත් එමඟින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා මහ මෝල්හිමියන්ට මෙන්ම කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ටද අවස්ථාව ලැබෙන බව සඳහන් කළ නියෝජ්‍ය ඇමතිවරයා එහිදී කුඩා හා මධ්‍යම පරිමාණ මෝල්හිමියන්ට අඩු පොලියට ණයදීමේ වැඩසටහනක්ද රජය සකස් කර ඇති බව කියා සිටියා.