/
/
title icon
ආනයනික සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් නිෂ්කාශනය කෙරේ
ආනයනික සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් නිෂ්කාශනය කෙරේ
Editor
1 month ago
Share:
ආනයනික සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් නිෂ්කාශනය කෙරේ

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද පස්වරුව වනවිට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 101,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල්  සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. 

එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් 101,000 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 40,000 ක් සහ තැම්බූ සහල් මෙට්‍රික්ටොන් 61,000ක් අයත්. 

එසේම, තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් කඩිනමින් නිදහස් කරන බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළා.

මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව පසුගිය දෙසැම්බර් මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයටත් විවෘත කරනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required