/
/
title icon
වවුනියාවේ ළමයින්ට ප්‍රශ්නපත්‍රයත් සමගම පිළිතුරුත් ලබාදීලා
වවුනියාවේ ළමයින්ට ප්‍රශ්නපත්‍රයත් සමගම පිළිතුරුත් ලබාදීලා
Editor
3 months ago
Share:
වවුනියාවේ ළමයින්ට ප්‍රශ්නපත්‍රයත් සමගම පිළිතුරුත් ලබාදීලා

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා  තෙවනවාර පරීක්ෂණයට අදාළව අද දිනයේදී ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර  කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද සිසුන් වෙත ලබාදී අ‍ැ‍ති බවට දෙමව්පියන් චෝදනා කරනවා. 

හත ශ්‍රේණිය චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද එහි පිටුපස  මුද්‍රණය කොට අ‍ැති අතර, එ‍් පිළිබඳ නොදත් ගුරුවරුන් විභාගය අ‍ාරම්භ කිරීමෙන් පසු ප්‍රශ්න පත්‍රය ළමයින්ට ලබාදීමෙන් අනතුරුව පිළිතුරු පත්‍රය පිළිබඳ නිරීක්ෂණය වී අ‍ැති බව පවසනවා. 

වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් බහුතරයක් පාසල් ප්‍රශ්න පත්‍රයේ තිබූ පිළිතුරු කොටස සමඟ ලබාදී අ‍ැති අතර පාසල් කිහිපයක් එම කොටස ඉවත්කර ළමයින් වෙත ප්‍රශ්න පත්‍රය ලබාදී අ‍ැති බව සඳහන්. 

මේ හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් සිදුව අ‍ැති බවත් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ පසු බලධාරීන් කිසිවෙකු ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කිරීමකින් තොරව පාසල් වෙත ලබාදී ඇති බවත් දෙමව්පියන් පවසනවා. 

පාසල් ළමයින් මුදල්ගෙවා ප්‍රශ්න පත්‍රය ලබාගැනීම සිදුකරන බවත් වගකීමක් නොමැති නිලධාරීන්ගේ කටයුතු හේතුවෙන් සිසු දරුවන්ට විශාල අසාධාරණයක් වන බව ඔවුන් තවදුරටත් කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required