/
/
title icon
බොදුබල සේනා ඥානසාර හිමියන්ට ලිහිල් සිරදඬුවමක්
බොදුබල සේනා ඥානසාර හිමියන්ට ලිහිල් සිරදඬුවමක්
Editor
3 weeks ago
Share:
බොදුබල සේනා ඥානසාර හිමියන්ට ලිහිල් සිරදඬුවමක්

ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවකට වරදකරු වු බොදුබල සේනා සංවිධානයේ ලේකම්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් වැඩසහිත සිරදඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් 1500 ක දඩයක්ද නියම කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ. 

මීට වසර 09කට පෙර කිරුලපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් දහමට අපහාසවන අයුරින් ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා තිබුණා. 

මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගය අවසානයේදී අදාළ චොදනාවන්ට උන්වහන්සේ වැරදිකරු බව තීරණය කළ අධිකරණය මෙම දඬුවම නියම කළා.

මේ අතර, දඬුවමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය ප්‍රකාරව ඇප ලබාදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද ප්‍රතික්ෂේප  කළා. 

ඇප ලබාදීමට තරම් සුවිශේෂි කාරණා නොමැති බව මහේස්ත්‍රාත්වරයා ඇප ප්‍රතික්ෂේප කරමින් කියා සිටියා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required