ලබන අයවැයේදී රාජ්‍ය සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩිවීමක් දෙන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
පවතින ජීවන වියදම සලකා එම වැටුප් වැඩිවීම ලබාදෙන බව පැවසූ අමාත්‍යවරයා අයවැයෙන් එය දැකගත හැකිවනු ඇතැයි ද සඳහන් කළා.
වැටුප් වැඩි කිරීමට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ කිසිදු විරෝධයක් නොමැති බවත්, වැඩි කරන ප්‍රමාණය දැන්ම කිව නොහැකි බවත් ඔහු කියා සිටියා.