අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග ශ්රීනාත් අබේවික්රම දිසානායක මහතා පත්කර තිබෙනවා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
දූෂණ විරෝධී පනත ප්රකාරව පැවැරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් පෙරේදා සිට ක්රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
මීට පෙර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ ඩබ්.කේ.ඩී. විජේරත්න මහතා පසුගිය ඔක්තෝබර් මාසයේදී එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු නව අධ්යක්ෂ ජනරාල්වරයකු පත්කරන තෙක් අතිරේක අධ්යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ. උඩවෙළ මහත්මිය පත්කර තිබුණා.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පිරිනමනු ලැබුවා.