පුද්ගලයකුට පහරදීමේ චෝදනාවකට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පහරදීම සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අදාළවයි මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පහර කෑමෙන් තුවාල ලැබූ 66 හැවිරිදි පුද්ගලයා ප්රතිකාර සඳහා ශ්රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා.
නුගේගොඩ - තලපත්පිටිය - කනත්ත පාරේ පදිංචි සැකකාර උදයංග වීරතුංග මහතා යාබද නිවසේ පදිංචි පුද්ගලයාට ඉඩමේ මායිම් සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන බටයකින් පහරදී ඇතැයි පොලිසිය පවසනවා.