/
/
title icon
ජනපති අනුරගේ සංචාරය ගැන චීනයෙන් අපේක්ෂා රැසක්
ජනපති අනුරගේ සංචාරය ගැන චීනයෙන් අපේක්ෂා රැසක්
Editor
6 days ago
Share:
ජනපති අනුරගේ සංචාරය ගැන චීනයෙන් අපේක්ෂා රැසක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය දෙරටටම ඉතා වැදගත් සංචාරයක් වනු ඇති බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාවක් එරට පැවැති මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ, චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා දීනයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවයි.

මෙම සංචාරය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව චීනයේ සිදුකරන පළමු සංචාරය වන අතර චීන ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට එය ඉතා වැදගත් වනු ඇති බව ඇය සඳහන් කළා.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපතිවරයාට අමතරව චීන අග්‍රාමාත්‍ය ලී කිචියැන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් ද හමුවීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required