/
/
title icon
ගිනි අවි යළි භාරදීමට දුන් කාලය දීර්ඝ කරන්නේ නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය
ගිනි අවි යළි භාරදීමට දුන් කාලය දීර්ඝ කරන්නේ නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය
Editor
6 days ago
Share:
ගිනි අවි යළි භාරදීමට දුන් කාලය දීර්ඝ කරන්නේ නැහැ - ආරක්ෂක අමාත්‍යාංශය

පෞද්ගලික පරිහරණය සදහා ලබා දී ඇති ගිනිඅවි යළි භාරදීමට ලබා දී ඇති කාලය කිසිසේම දීර්ඝ නොකරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව දැනට පෞද්ගලික පරිහරණය සඳහා පොලීසිය සහ යුධ හමුදාව මගින් බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනි අවි ජනවාරි මස 20 වැනිදා වනවිට ආරක්ෂක අමාත්‍යංශයට භාර දිය යුතු බවයි.

එලෙස ලබා නොදෙන ගිනිඅවි ලග තබා ගන්නා පුද්ගයන්ට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබා දී ඇති ගිනිඅවි යළි භාරදීමට ලබා දී තිබූ කාලය දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වුණා.

එහෙත් යුද්ධය පැවති කාලසීමාවේ දී පොලිසිය සහ යුධ හමුදාව මගින් ලබා දී තිබූ ගිනි අවි යළි භාර දීමට තිබූ කාලය ජනවාරි 20 වැනිදා දක්වා දීර්ඝ කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required